Grand Theft Auto V (GTA 5) මම මෙච්චර කාලෙකට Play කරපු සුපිරිම ගේම් එක තමයි මේක. මේ ගේම් එකේ කතාව චරිත 3 ක් වටා තමයි play කරන්ඩ තියෙන්නෙ. story එකනම් පට්ටම පට්ට. ඉතින් මන් මේ පොස්ට් එක දාන්නෙ මේ ගේම් එක PC වලට ආවෙ Errors ගොඩක් එක්ක. දැනට ගේම් එක play කරන කෙනෙකුට උදව්වක් වෙයි කියල තමයි මන් මේ පෝස්ට් එක දාන්ඩ හිතුවෙ.මුලින්ම පටන් ගන්නෙ අවුරුදු 10 කට කලින් උන සිද්දියකින් ඒ සිද්දිය වර්තමානෙත් එක්ක එකතු වෙන හැටි මාරම ලස්සනට හදල තියනව ඒ වගේම මේ ගේම් එක කොච්චර තාත්විකද කියල play කරලම බලන්ඩ high හරි ultra හරි settings එක්ක.
1} blitz play Mission Crash Fix :       
blitz play mission එක ඉවර වෙලා characters මාරු වෙන තැනක් එනව එතනදි ගේම් එක crash වෙනව. ඒකට කරන්ඩ ඔනෙ mission එකේ පොලිසිය එන එක ඉවර වෙනකන් වෙඩි තිබ්බම දෙන ඊලග task එක ස්කිප්(skip) කරන එක. අපි 3 න් පාරක් අත් බොම්බයක් අරන් සියදිවි හානි කරගන්ඩ ඔනෙ 3න් වෙනි පාර මරුනම එනව "SKIP MISSION" කියල option එකක් ඒක click කලාම ඒ mission එක crash වෙන එක fix වෙනව.

2} caida libre Mission Crash Fix:
caida libre mission එකත් ඉස්සරලා වගේ normal play කරගෙන යද්දි අන්තිමට ගේම් එක crash වෙනව. මේකට හේතුව තමයි අපිට මේ mission එකේ වෑන් එකක් පුපුරවන්ඩ තියනව අපිට default method එක විදියට දීල තියෙන්නෙ පෙට්‍රොල් දාල ගිනි තියන්ඩ හරි අත් බොම්බයක් පවිච්චි කරල පුපුරවන්ඩ හරි. ඒත් game එක crash වෙන්ඩ හේතුව මේක තමයි. ඉතින් තුවක්කුවක් අරගෙන වෑන් එකෙ ඉස්සරහ shell එකට වෙඩි තියන්ඩ ගිනි ගන්නකන් ඊට පස්සෙ දෙන task එක කරන්ඩ. crash වෙන එක දැන් fix වෙලා. 

3 } MonkeyBusiness Mission Crash Fix:
MonkeyBusiness mission එකත් ඉස්සරලා වගේ normal play කරගෙන යද්දි අන්තිමට ගේම් එක crash වෙනව. මේකට හේතුව තමයි අපිට මේ mission එකේ toxin can එකක් helicopter එකකින් deliver කරන්ඩ තියනව Trevor තමයි නියමුව.ඉතින් මේ deliver කරන task එක අපි skip කලානම් වැඩේ හරි මේ mission එක crash වෙන්නෙ මේක නිසයි. ඉතින් අපි මෙතනදි Chopper එක 3 න් පාරක් කොහෙ හරි හප්ප ගෙන සියදිවි හානි කරගන්ඩ ඔනෙ 3න් වෙනි පාර "Skip Mission" කියන option එක ‍තෝරන්ඩ වැඩේ හරි ඊට පස්සෙ ගේම් එකෙ ඉස්සරහට යන්ඩ පුලුවන් crash නොවී.

0 comments:

Post a Comment

 
Top